ගාල්ල දිස්ත්‍රික්කයට අයත් වර්ග කිලෝ මීටර් 40.75 ක භූමි ප්‍රමාණයෙන් යුත් මෙම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය උතුරු හා ඊසාන දෙසින් බද්දේගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ද, නැගෙනහිර හා ගිණිකොන දෙසින් අක්මිමණ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් ද බස්නාහිර දෙසින් රජ්ගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් ද දකුණු දෙසින් ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයෙන්ද මායිම් වේ.
මෙම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ග්‍රාම නිලධාරී වසම් 51 කින් සමන්විත වන අතර, ග්‍රාම නිලධාරි වසම් 44 ක් බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයටද ග්‍රාම නිලධාරී වසම් 07ක් ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයටද අයත් වේ.