බෝපෙ - පෝද්දල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය නිරිත දිග පහත් බිම් වලට අයත්වන අතර, මුහුදු බඩ බිම් තීරුවෙහි පිහිටි ප්‍රදේශයකි. නැගෙනහිර සීමාවේ පිහිටා ඇති කුරුන්ද කන්ද උසම ස්ථානය වන අතර, අඩි 294 ක උන්නතාංශයක් ද දක්වයි. නිලදෙණිය හා වක්වැල්ල ග්‍රාම නිලධාරී වසම් වල ආම්ටේජ්හිල් අඩි 100ක උන්නතාංශයක් ද හපුගල මවුන්ට් ප්ලසන්ට් අඩි 100 ක උන්නතාංශයක් ද බෙරලියදොල රොස්වුඩ් අඩි 200ක උන්නතාංශයක් ද නරාවල ග්‍රාම නිලධාරී වසර අඩි 217ක උන්නතාංශයක් ද දක්වයි. බෝපෙ - පෝද්දල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජල වහනය සලකා බැලීමේදී ගිංගේ පහළ නිම්නයේ අතු ගංගාවක් වන හෝළුවාගොඩ ඇළ කොට්ඨාශය හරහා ගලා බසී. මෙම බල ප්‍රදේශයේ බටහිර මායිම කැපූ ඇළ වේ. බෝපෙ-පෝද්දල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ භූ විද්‍යාත්මක තත්ත්වය විමසා බැලීමේදී ප්‍රාග් කේම්බ්‍රීය යුගයට අයත් විවිධ පාෂාණ වලින් නිර්මාණය වී ඇත.විශේෂයෙන්ම මෙම ප්‍රදේශයේ විජයානු ශ්‍රේණියට ගැනෙන වානෝකයිට් හා නියිෂ් පාෂාණයන්ගෙන් සමන්විතය. බෝපෙ - පෝද්දල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ව්‍යාප්තව ඇත්තේ රතු, කහ පොඩිසොලික් පස හා ලැටරටිය් පස වේ.
බෝපෙ - පෝද්දල යන නාමය සෑදී ඇති ආකාරය පිළිබඳ ගැමියන් අතර විවිධ මත පවති . වෘක්ෂ පාද්‍ය අරුත් හි "පේ" යන්න පාදක කොට ගෙන සෑදුනු ගමක් ලෙස බෝපේ හැඳින්වේ. බෝධි වෘක්ෂ පාදය වටා පිහිටි ගම් ගොඩ බෝපෙ නමින් ගැනිනි. පෝද්දල යන නාමය සැදී ඇත්තේ පැරණි හිමි නමක් විසින් තැනු ප‍්‍රසිද්ධ පොත් ගුලක තිබු පොත් පාවී දොලකට ගිය නිසා බව කියවේ. පොත් දොළ, පෝද් දොළ , පෝද්දල වු සේ සැලකීම වැඩි දෙනාගේම මතය වේ. බ්‍රිතාන්‍ය සමයේ ගාල්ල නගරයේ රැකියාව කළ ප‍්‍රභූ ජනයාගේ වාසස්ථාන මෙම ප‍්‍රදේශයේ පිහිටා තිබුණි. මවුන්ට් ප්ලසන්ට් , ආම්ටේජ් , කාසල් හීල් , සෙන්ට් රීටාස් මේ අතර ප‍්‍රධාන වේ. බ්‍්‍රතාන්‍ය සමයේ තේ හා රබර් වගාව ප‍්‍රදේශයේ පැතිර පැවතිනි . සීට්ට‍්‍රස් වතු යායට සම්බන්ධ කුරුන්ද කන්ද වත්ත , මුලන හේන කන්ද අද ජනාවාස වී ඇතත් අතීතයේදී තේ වගාව පැතිර පැවතිණි. ගාල්ල නගරය වරායක් ලෙස දියුණු වීම නිසා නගර රට අභ්‍යන්තරයට සම්බන්ධ වන ගාල්ල ,බද්දේගම පාර, ගාල්ල , වඳුරඹ පාර මෙම ප‍්‍රදේශය හරහා වැටී තිබීම නිසා ගාල්ල නගරය තුල වර්ධනය වු ආර්ථික කටයුතු සමඟ ඍජු ලෙස සම්බන්ධ වීම නිසා ගොඩ නැගුණු ඓතිහාසික ලක්ෂණ පෙන්නුම් කරයි. ගාල්ල නගරයේ ජනාවාස වැඩි වීමත් සමඟම ඔවුන්ට ආහාර ද්‍රව්‍ය සපයන ප‍්‍රදේශයක් ලෙස ද වැඳගත් විය. ගිංගඟ පිටාර ගලන කාලයට හෝළුවාගොඩ ඇළ පිටාර ගැලීම නිසා විවිධ පාරිසරික දුෂ්කරතා ඇති වුවත් අතීතයේ සිට මේ ප‍්‍රදේශයේ ගොවිබිම් වලින් සෑදුනු ආර්ථික රටාවක් පැවතුණි. එමෙන් ම ජනාවාස වීම නිසා ගාලු නගරයේ වාසස්ථාන සඳහා භූමිය හිඟ වීමත් සමඟ මෙම බල ප‍්‍රදේශය ක‍්‍රමයෙන් වාසස්ථාන ඇති වී ජනාකීර්ණ බවට පත්විය . අතීතයේ විශාල වතු ලෙස පැවති නිවාස බිම් හා වගා බිම් කුඩා නිවාස ඉදිකිරීම සඳහා කැබලි වශයෙන් කැඩී යාම සිදුවිය. නගරයේ සේවා ස්ථාන වල සේවා කළ පුද්ගලයන් ක‍්‍රමයෙන් මෙම ප‍්‍රදේශයේ පදිංචිවීමට පටන් ගත් අතර , ඒ සමඟම භූමි පාරිභෝග රටාවේ විශාල වෙනස් කම් ඇති විය. ගිං ගඟ ජල පාලන ව්‍යාපෘතිය නිසා ගිංගඟ පිටාර ගැලීම හා ඒ ආශ‍්‍රීත පරිසර ගැටළු අවම වීම නිසා ප‍්‍රදේශයේ ඉඩම්වල වටිනාකම වැඩි විය. මාර්ග පද්ධතිය වැඩි දියුණු වීම හා විදුලි බල පහසුුකම් පුළුල් වීම ද මෙයට හේතු විය. බෝපෙ - පෝද්දල ප‍්‍රාදේශ්‍රීය සභා ලේකම් කොට්ඨාශ පිහිටුවීමත් සමඟ කාර්යාල දෙකක් ව පැවති බෝපෙ - පෝද්දල එක් කොට ප්‍රාදේශීය සභාවක් පිහිටුවීම නිසා ද පරීපාලන වෙනස්කම් ඇති විය. එමෙන්ම දකුණු පළාත් සභාව, දකුණු පළාත් අමාත්‍යාංශ සංකීර්ණය, කරාපිටිය වෛද්‍ය පීඨය, හපුගල ඉංජිනේරු පීඨය, ලබුදූව උසස් අධ්‍යාපන ආයතනය, ලබුදූව සිරිධම්ම විද්‍යාලය යනාදී ආයතන ස්ථාන ගත විමත් සමඟ තව දුරටත් ප්‍රදේශයේ ආර්ථික හා ජනාවාස රටාවේ වෙනස්කම් සිදු විය.
දක්ෂිණ අභිමානවත් නවමු පුරවරයක් බිහි කිරීම.
බෝපෙ- පෝද්දල ප්‍රාදේශීය සභාව පළාත් පාලන ආයතනයක් වශයෙන් බල ප්‍රදේශය තුල මංමාවත්, මහජන සෞඛ්‍ය වෙනත් උපයෝගීතා සේවාවන් සැලසීමේදී මහජනතාවගේ සුඛ විහරණය හා සුභසාධනය ඉහළ නැංවෙන පරිදි එකී සේවාවන් ධරණීය සංවර්ධනයට පාදක වන පරිදි සැලසුම් නිර්මාණය කර ක්‍රියාත්මක කිරීමෙන් හෙටට ගැළපෙන ජන ජීවිතය ඔප්නැංවීම උදෙසා ක්‍රියාකාරීව සහභාගී වීම මෙම ප්‍රාදේශීය සභාවේ මෙහෙවර වේ.
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත යටතේ ප්‍රාදේශීය සභා ස්ථාපිත කරන ලද අතර එය පළාත් පාලන ආයතනයක් / ප්‍රාදේශීය ආණ්ඩුවක් ලෙස යම්කිසි නිශ්චිත නාගරික හෝ ග්‍රාමීය ප්‍රදේශයක පරිපාලනය හා සංවර්ධනය අරමුණු කොටගෙන ක්‍රියාත්මක වේ. ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ද එය සමන්විත මන්ත්‍රී සංඛ්‍යාවද ආයතන හදුන්වන නාමයන්ද එමගින් ස්ථාපිත වී ඇත. ඒ අනුව සෑම පළාත් පාලන ආයතනයක්ම අවිච්ජින්න පැවැත්මක් හා පොදු මුද්‍රාවක් ඇති සංස්ථාවක් මෙන්ම නීතිමය පුද්ගලයෙක්ද වන්නේය. එමෙන්ම රජයේ නියෝජිත ආයතනයක් නොවන මුත් නෛතික සීමාවන් තුල ස්වාධීනව ක්‍රියාත්මක වීමට බලය ඇත්තේය.
1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත
1952 අංක 6 දරන පළාත් පාලන ආයතන (සම්මත අතුරු ව්‍යවස්ථා ) පනත
සම්මත අතුරු ව්‍යවස්ථා පනත
2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ප්‍රකාරව ප්‍රාදේශීය සභාව සතුව පවතින යම් තොරතුරක් ඔබේ අවශ්‍යතාවය පරිදි ලබා ගැනීමේ හැකියාව ඔබ සතුය.
තොරතුරු නිලධාරී
ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී, බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාව, කලේගාන, ගාල්ල.
අභියාචනා නිලධාරී
ලේකම්, බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාව, කලේගාන, ගාල්ල.
තොරතුරු ඉල්ලීම් කරන ආකාරය :-
ඔබගේ තොරතුරු ඉල්ලීම් ලිපියක්, විද්‍යුත් තැපෑල මගින් හෝ RTI අයදුම්පත්‍රය (කාර්යාලයෙන් ද ලබා ගත හැක.) සම්පූර්ණ කර තොරතුරු නිලධාරී වෙත ඉදිරිපත් කළ යුතුය.
තොරතුරු සපයන ආකාරය :--
ඔබගේ තොරතුරු ඉල්ලීම් ලිපියක්, විද්‍යුත් තැපෑල මගින් හෝ RTI අයදුම්පත්‍රය (කාර්යාලයෙන් ද ලබා ගත හැක.) සම්පූර්ණ කර තොරතුරු නිලධාරී වෙත ඉදිරිපත් කළ යුතුය.