බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාව
වක්වැල්ල පාර, කලේගාන, ගාල්ල. දු.ක. 0912222437

ප්‍රාදේශීය සභාවේ ලාංජනය



ප්‍රාදේශීය සභාවේ විකාශනය


1925.07.01 දින ගම් කාර්ය සභාව පෝද්දල ප්‍රදේශයේ ආරම්භ කරනු ලැබීය. පසුව මෙම ගම් කාර්ය සභාව ගම් සභාව බවට විකාශනය විය. ගම් සභාපති ආයතන ප්‍රධානියා විය. 1980 අංක 35 දරණ සංවර්ධන සභා පනත යටතේ 1981 දී දිස්ත්‍රික් සංවර්ධන සභා පිහිටුවන ලදී. එහෙත් ක්‍රියාත්මක වූ සුළු නගර සභා හා ගම් සභා අහෝසි වීම එමගින් සිදු විය. පෝද්දල සංවර්ධන සභා උප කාර්යාලය සහ බෝපේ සංවර්ධන සභා උප කාර්යාලය නමින් කාර්යාල දෙකක් ආරම්භ කරන ලදී. 1987 දී දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමයද අහෝසි විය. එහිදී නැවත සුළු නගර සභා හා ගම් සභා ක්‍රියාත්මක නොවූ අතර , ඒ වෙනුවට 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත යටතේ බෝපෙ පෝද්දල ප්‍රා‍දේශීය සභාව සංස්ථාපනය කරන ලදී. 1989.01.01 දින බෝපෙ- පෝද්දල ප්‍රාදේශීය සභාව ආරම්භ කරන ලදී. බෝපේ ප්‍රධාන කාර්යාලය සහ එම ආයතනය පාලනය යටතේ පෝද්දල උප කාර්යාලය පිහිටුවන ලදී.


සංවිධාන ව්‍යූහය


සංවිධාන ව්‍යූහය පහත ලින්ක් එක ක්ලික් කිරීමෙන් බාගත කළ හැක.

ආයතනික ව්‍යූහය

භූ විෂමතාවය හා ජලවහනය සහ පස


බෝපෙ - පෝද්දල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය නිරිත දිග පහත් බිම් වලට අයත්වන අකර, මුහුදු බඩ බිම් තීරුවෙහි පිහිටි ප්‍රදේශයකි. නැගෙනහිර සීමාවේ පිහිටා ඇති කුරුන්ද කන්ද උසම ස්ථානය වන අතර, අඩි 294 ක උන්නතාංශයක් ද දක්වයි. නිලදෙණිය හා වක්වැල්ල ග්‍රාම නිලධාරී වසම් වල ආම්ටේජ්හිල් අඩි 100ක උන්නතාංශයක් ද හපුගල මවුන්ට් ප්ලසන්ට් අඩි 100 ක උන්නතාංශයක් ද බෙරලියදොල රොස්වුඩ් අඩි 200ක උන්නතාංශයක් ද නරාවල ග්‍රාම නිලධාරී වසර අඩි 217ක උන්නතාංශයක් ද දක්වයි. බෝපෙ - පෝද්දල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජල වහනය සලකා බැලීමේදී ගිංගේ පහළ නිම්නයේ අතු ගංගාවක් වන හෝළුවාගොඩ ඇළ කොට්ඨාශය හරහා ගලා බසී. මෙම බල ප්‍රදේශයේ බටහිර මායිම කැපූ ඇළ වේ. බෝපෙ-පෝද්දල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ භූ විද්‍යාත්මක තත්ත්වය විමසා බැලීමේදී ප්‍රාග් කේම්බ්‍රීය යුගයට අයත් විවිධ පාෂාණ වලින් නිර්මාණය වී ඇත.විශේෂයෙන්ම මෙම ප්‍රෙද්ශයේ විජයානු ශ්‍රේණියට ගැනෙන වානෝකයිට් හා නියිෂ් පාෂෘණයන්ගෙන් සමන්විතය. බෝපෙ - පෝද්දල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ව්‍යාප්තව ඇත්තේ රතු, කහ පොඩිසොලික් පස හා ලැටරටිය් පස වේ.


බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ ඓතිහාසික පිහිටීම


බෝපෙ - පෝද්දල යන නාමය සෑදී ඇති ආකාරය පිළිබඳ ගැමියන් අතර විවිධ මත පවති . වෘක්ෂ පාද්‍ය අරුත් හි "පේ" යන්න පාදක කොට ගෙන සෑදුනු ගමක් ලෙස බෝපේ හැඳින්වේ. බෝධි වෘක්ෂ පාදය වටා පිහිටි ගම් ගොඩ බෝපෙ නමින් ගැනිනි. පෝද්දල යන නාමය සැදී ඇත්තේ පැරණි හිමි නමක් විසින් තැනු ප‍්‍රසිද්ධ පොත් ගුලක තිබු පොත් පාවී දොලකට ගිය නිසා බව කියවේ. පොත් දොළ, පෝද් දොළ , පෝද්දල වු සේ සැලකීම වැඩි දෙනාගේම මතය වේ. බ්‍රිතාන්‍ය සමයේ ගාල්ල නගරයේ රැකියාව කළ ප‍්‍රභූ ජනයාගේ වාසස්ථාන මෙම ප‍්‍රදේශයේ පිහිටා තිබුණි. මවුන්ට් ප්ලසන්ට් , ආම්ටේජ් , කාසල් හීල් , සෙන්ට් රීටාස් මේ අතර ප‍්‍රධාන වේ. බ්‍්‍රතාන්‍ය සමයේ තේ හා රබර් වගාව ප‍්‍රදේශයේ පැතිර පැවතිනි . සීට්ට‍්‍රස් වතු යායට සම්බන්ධ කුරුන්ද කන්ද වත්ත , මුලන හේන කන්ද අද ජනාවාස වී ඇතත් අතීතයේදී තේ වගාව පැතිර පැවතිණි. ගාල්ල නගරය වරායක් ලෙස දියුණු වීම නිසා නගර රට අභ්‍යන්තරයට සම්බන්ධ වන ගාල්ල ,බද්දේගම පාර, ගාල්ල , වඳුරඹ පාර මෙම ප‍්‍රදේශය හරහා වැටී තිබීම නිසා ගාල්ල නගරය තුල වර්ධනය වු ආර්ථික කටයුතු සමඟ ඍජු ලෙස සම්බන්ධ වීම නිසා ගොඩ නැගුණු ඓතිහාසික ලක්ෂණ පෙන්නුම් කරයි. ගාල්ල නගරයේ ජනාවාස වැඩි වීමත් සමඟම ඔවුන්ට ආහාර ද්‍රව්‍ය සපයන ප‍්‍රදේශයක් ලෙස ද වැඳගත් විය. ගිංගඟ පිටාර ගලන කාලයට හෝළුවාගොඩ ඇළ පිටාර ගැලීම නිසා විවිධ පාරිසරික දුෂ්කරතා ඇති වුවත් අතීතයේ සිට මේ ප‍්‍රදේශයේ ගොවිබිම් වලින් සෑදුනු ආර්ථික රටාවක් පැවතුණි. එමෙන් ම ජනාවාස වීම නිසා ගාලු නගරයේ වාසස්ථාන සඳහා භූමිය හිඟ වීමත් සමඟ මෙම බල ප‍්‍රදේශය ක‍්‍රමයෙන් වාසස්ථාන ඇති වී ජනාකීර්ණ බවට පත්විය . අතීතයේ විශාල වතු ලෙස පැවති නිවාස බිම් හා වගා බිම් කුඩා නිවාස ඉදිකිරීම සඳහා කැබලි වශයෙන් කැඩී යාම සිදුවිය. නගරයේ සේවා ස්ථාන වල සේවා කළ පුද්ගලයන් ක‍්‍රමයෙන් මෙම ප‍්‍රදේශයේ පදිංචිවීමට පටන් ගත් අතර , ඒ සමඟම භූමි පාරිභෝග රටාවේ විශාල වෙනස් කම් ඇති විය. ගිං ගඟ ජල පාලන ව්‍යාපෘතිය නිසා ගිංගඟ පිටාර ගැලීම හා ඒ ආශ‍්‍රීත පරිසර ගැටළු අවම වීම නිසා ප‍්‍රදේශයේ ඉඩම්වල වටිනාකම වැඩි විය. මාර්ග පද්ධතිය වැඩි දියුණු වීම හා විදුලි බල පහසුුකම් පුළුල් වීම ද මෙයට හේතු විය. බෝපෙ - පෝද්දල ප‍්‍රාදේශ්‍රීය සභා ලේකම් කොට්ඨාශ පිහිටුවීමත් සමඟ කාර්යාල දෙකක් ව පැවති බෝපෙ - පෝද්දල එක් කොට ප්‍රාදේශීය සභාවක් පිහිටුවීම නිසා ද පරීපාලන වෙනස්කම් ඇති විය. එමෙන්ම දකුණු පළාත් සභාව, දකුණු පළාත් අමාත්‍යාංශ සංකීර්ණය, කරාපිටිය වෛද්‍ය පීඨය, හපුගල ඉංජිනේරු පීඨය, ලබුදූව උසස් අධ්‍යාපන ආයතනය, ලබුදූව සිරිධම්ම විද්‍යාලය යනාදී ආයතන ස්ථාන ගත විමත් සමඟ තව දුරටත් ප්‍රදේශයේ ආර්ථික හා ජනාවාස රටාවේ වෙනස්කම් සිදු විය.


2019 වසරේ වාර්ෂික අයවැය වාර්තාව


සෑම වර්ෂයක් අවසානයේම ඊළග වසරේ ඇස්තමේන්තුගත ආදායම් හා වියදම් පෙන්වීම සඳහා ඉදිරිපත් කරනු ලබන වාර්ෂික අයවැය වාර්තා


ප්‍රාදේශීය සභාවේ මාසික සභා වාර්තා


2019 ජුනි මස සභා වාර්තාව
පහත ලින්ක් ඒක තුළින් බාගත කිරීම් කළ හැක.

2019 ජුනි මස මාසික මහා සභා වාර්තාව

2019 මැයි මස සභා වාර්තාව පහත ලින්ක් ඒක තුළින් බාගත කිරීම් කළ හැක.
2019 මැයි මස මාසික මහා සභා වාර්තාව

2019 අප්‍රේල් මස සභා වාර්තාව
පහත ලින්ක් ඒක තුළින් බාගත කිරීම් කළ හැක.

2019 අප්‍රේල් මස මාසික මහා සභා වාර්තාව


2019 මාර්තු මස සභා වාර්තාව
පහත ලින්ක් ඒක තුළින් බාගත කිරීම් කළ හැක.

2019 මාර්තු මස මාසික මහා සභා වාර්තාව

2019 පෙබරවාරි මස සභා වාර්තාව
පහත ලින්ක් ඒක තුළින් බාගත කිරීම් කළ හැක.

2019 පෙබරවාරි මස මාසික මහා සභා වාර්තාව

2019 ජනවාරි මස සභා වාර්තාව
පහත ලින්ක් ඒක තුළින් බාගත කිරීම් කළ හැක.

2019 ජනවාරි මස මාසික මහා සභා වාර්තාව