බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාව
වක්වැල්ල පාර, කලේගාන, ගාල්ල. දු.ක. 0912222437
ආයුබෝවන්

බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාව


සභාවේ පිහිටීම හා හැදින්වීම


Responsive image

ගාල්ල දිස්ත්‍රික්කයට අයත් වර්ග කිලෝ මීටර් 40.75 ක භූමි ප්‍රාාාමාණයෙන් යුත් මෙම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය උතුරු හා ඊසාන දෙසින් බද්දේගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ද, නැගෙනහිර හා ගිණිකොන දෙසින් අක්මිමණ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් ද බස්නාහිර දෙසින් රජ්ගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් ද දකුණු දෙසින් ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයෙන්ද මායිම් වේ.

මෙම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ග්‍රාම නිලධාරී වසම් 51 කින් සමන්විත වන අතර, ග්‍රාම නිලධාරි වසම් 44 ක් බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයටද ග්‍රාම නිලධාරී වසම් 07ක් ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයටද අයත් වේ.

පළාත් පාලන ආයතනයේ පිහිටීම : ගාල්ල දිස්ත‍්‍රික්කයට අයත් වර්ග කිලෝමීටර් 40.75 ක භූමි ප‍්‍රමාණයෙන් යුත් මෙම ප්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය උතුරු හා ඊසාන දෙසින් බද්දේගම ප්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයද , නැගෙනහිර හා ගිණිකොන දෙසින් අක්මීමණ ප්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයෙන් ද බස්නාහිර දෙසින් රජ්ගම ප්‍රාදේශීය සභාවෙන් ද දකුණු දෙසින් ගාල්ල මහනගර සභා බල ප‍්‍රදේශයෙන් ද මායිම් වේ. මෙම ප්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය ග‍්‍රාම නිලධාරී වසම් 51 කින් සමන්විත වන අතර , ග‍්‍රාම නිලධාරී වසම් 44 ක් බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයට ද ග‍්‍රාම නිලධාරී වසම් 07 ක් ගාල්ල කඩවත් සතර ප‍්‍රාදේශ්‍රීය ලේකම් බල ප‍්‍රදේශයටද අයත් වේ.


ලේකම්තුමාගේ පණිවුඩය


බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල විහිදී සිටින 69,868 ක් වන සියලු ජන කොට්ඨාශවල පොදු අවශ්‍යතා සපුරා ලීමට එම ජනතාව වෙතින් රැස් කරනු ලබන බදු, ගාස්තු හා වෙනත් සියලු ආකාර වලින් සභා අරමුදලට ඒකරාශී වන සියලු මුදල් මනා කළමනාකාරණයකින් හා පරිපාලනයකින් යුතුව යොදවා ඔවුන්ගේම සුභසිද්ධිය සලසා දීම අපගේ ඒකායන පැතුමයි

පී.කේ. ලලිත් ගාමිණී


ප්‍රාදේශීය සභාවේ දැක්ම ( VISION)


              දක්ෂිණ අභිමානවත් නවමු පුරවරයක් බිහි කිරීම.


ප්‍රාදේශීය සභාවේ මෙහෙවර ( MISION)


බෝපෙ- පෝද්දල ප්‍රාදේශීය සභාව පළාත් පාලන ආයතනයක් වශයෙන් බල ප්‍රදේශය තුල මංමාවත්, මහජන සෞඛ්‍ය වෙනත් උපයෝගීතා සේවාවන් සැලසීමේදී මහජනතාවගේ සුඛ විහරණය හා සුභසාධනය ඉහළ නැංවෙන පරිදි එකී සේවාවන් ධරණීය සංවර්ධනයට පාදක වන පරිදි සැලසුම් නිර්මාණය කර ක්‍රියාත්මක කිරීමෙන් හෙටට ගැළපෙන ජන ජීවිතය ඔප්නැංවීම උදෙසා ක්‍රියාකාරීව සහභාගී වීම මෙම ප්‍රාදේශීය සභාවේ මෙහෙවර වේ.


ප්‍රාදේශීය සභා පනත


බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාව ආරම්භ කරන ලදදේ 1987 දරණ ප්‍රාදේශීය සභා පනත යටතේය. එය පහත ලින්ක් එක ක්ලික් කර බාගත කළ හැක.

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත

තොරතුරු දැන ගැනීමේ පනත හා සම්බන්ධ දැන්වීම්


2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ප්‍රකාරව ප්‍රාදේශීය සභාව සතුව පවතින යම් තොරතුරක් ඔබේ තොරතුරක් ඔබේ අවශ්‍යතාවය පරිදි ලබා ගැනීමේ හැකියාව ඔබ සතුය.

තොරතුරු නිලධාරී
ලේකම්, බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාව, කලේගාන, ගාල්ල.

අභියාචනා නිලධාරී
සභාපති, බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාව, කලේගාන, ගාල්ල.


තොරතුරු ඉල්ලීම් කරන ආකාරය :-
ඔබගේ තොරතුරු ඉල්ලීම් ලිපියක්, විද්‍යුත් තැපෑල මගින් හෝ RTI අයදුම්පත්‍රය (කාර්යාලයෙන් ද ලබා ගත හැක.) සම්පූර්ණ කර තොරතුරු නිලධාරී වෙත ඉදිරිපත් කළ යුතුය.

තොරතුරු සපයන ආකාරය :--
ඔබගේ තොරතුරු ඉල්ලීම් ලිපියක්, විද්‍යුත් තැපෑල මගින් හෝ RTI අයදුම්පත්‍රය (කාර්යාලයෙන් ද ලබා ගත හැක.) සම්පූර්ණ කර තොරතුරු නිලධාරී වෙත ඉදිරිපත් කළ යුතුය.

  • අඩුපාඩු රහිත තොරතුරු ඉල්ලුම් දින 14ක් තුළ සම්පූර්ණ කරනු ලැබේ.
  • තුන්වන පාර්ශවයක් වෙතින් තොරතුරු ලබා දීම පිළිබඳව කැමැත්ත විමසිය යුතු තොරතුරු ඉල්ලීම් සඳහා දින 21 තුළ සම්පූර්ණ කරනු ලැබේ.
  • වෙනත් සාධාරණ තොරතුරු ලබාදීමට අමතරව කාලයක් අවශ්‍යය වේ දින 14ක් තුළ ඔබ වෙත දැන්වීමට කටයුතු කරනු ලැබේ.

ප්‍රාදේශීය සභාවේ සභිකයන්ගේ තොරතුරු


බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභිකයන්ගේ තොරතුරු පහත ලින්ක් එක ක්ලික් කර බාගත කළ හැක.

මන්ත්‍රී කණ්ඩායම
Responsive image

Our social media links


බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාව